Posts

ජයසුන්දරගේ පඩි කැපීමේ නිල / නොනිල යෝජනාව

ජයසුන්දරගේ පඩි කැපීමේ නිල / නොනිල යෝජනාව   P. පඩි B. භාගයේ ජයසුන්දරගේ අසරණ රජයේ සේවකයාගේ පඩිපත ඩැහැගැනීමේ නිල /නොනිල යෝජනාවට පොදු ජනයාගෙන් මේසා විරෝධයක් පැන නැංගේ ඇයි ? ලංකාවේ ඉන්නේ දේශද් ‍ රෝහීන් ද ? රට මෙතරම් විපතකට පත් වී ඇති අවස්ථාවක පොඩි කැපකිරීමක් කරන්ඩ සිත් නොදෙන ආත්මාර්ථකාමීන්ද ? විමසා බලමු. සුනාමි විපතේදී , ගංවතුර විපතේදී , අනෙකුත් හැම විපතකදී පෙරට පැමිණ අත ඇති සොච්චම ද බෙදා ගත් ජනතාවකි අපි. විපතේදී සිත උණු වන ජාතියකි අපි. එසේනම් මේ වූයේ කුමක්ද ? රජයේ ඉහළ තනතුරක් දැරීමට නුසුදුසු යයි අධිකරණයෙන් තීන්දු කළ , ජනතා පිළිකුලට ලක් වූ තක්කඩියකු දන්දීම පිළිබඳ අපට කියා දිය යුතු නැත. බළලුන් ලවා කොස් ඇට බා ගැනීමට තැත් කරන තක්කඩින් ගැන ජනතාව හොඳින් දනී. මේ කලේ , ඡන්දෙන් පසුව හෝ පඩි පතට වැඩේ දීමට මුට්ටිය දමා බැලීමයි. නිල ලිපි හිසක ලිපියක් ලියා වැඩේ පත්තු වූ පසු එය පෞද්ගලික අහිංසක ඉල්ලීමක් බව පැවසුවේය. එම දීකිරට සාක්කි දීමට බළලුන් පෝලිමේ ආවේය. ඒකයි අප කිව්වේ මේ බළලුන් ලවා කොස් ඇට බෑවීමක්‌ කියා. පෞද්ගලික ඉල්ලීමක් නම් අනිත් උන්ට ගායද ? එතකොට මේ විකට නාටකය පිටුපස සිටි අශ්ශීල දේශපාලනඥයාග

ගෙදර මුව හමට තඩි බෑම.

ගෙදර මුව හමට තඩි බෑම .   අම්මෝ ගෝඨාභයගේ කටේ සද්දේ .   හතර අතටම නෙළුවා . මහ බැංකු නිලධාරීන්ට අඩි හප්පා ගෙරෙව්වා . ඔහොම සද්දෙ දාලා   රට හදන්න පුලුවන් නම් මොනවද කරන්න බැරි . ඡන්දෙත් ළඟ හින්දා දාපු පොඩි ෂෝ එකක් ද මන්දා . මෙයා මේක පටන් ගත්තේ අධිකරණයට සද්දෙ දාලා . ජනතා සුබසිද්ධියට රජය කරන වැඩවලට අධිකරණය සහය දිය යුතුයි ,   බාධාවක් නොවිය යුතුයි , කියලා කිව්වා . ඊළඟට බැංකු වලට බැන්නා අසරණයින්ට ණය දෙන්නේ නැහැ කියලා .   ඊළඟට බන්ධනාගාර නිලධාරීන්ට හොඳටම බැන්නා . බන්ධනාගාර ඇතුළට කුඩු ගේනකම් ,   ෆෝන් ගේනකම් , බලන් ඉන්නවා කියලා . මේක අවංක වෑයමක් නම් හුඟක් හොඳයි . මෙච්චර කල් කටේ පිට්ටු තියාගෙන ඉඳලා මහා ඡන්දෙට දින නියම කල   ගමන්ම හතර අතට නෙලන්ඩ   ගත්ත එකයි පොඩි පරහකට තියෙන්නේ . දේශපාලකයින්ගේ කපටි සූත් ‍ ර වලින් අපි හොඳටම බැට කාලයි තියෙන්නේ . මේ අවලාද හා චෝදනා වලින් ගම් ‍ යර්ත වන කරුණක් තියෙනවා . ඒ රටේ වන හැම පරිහානියකටම   වගකිව යුත්තේ නිලධාරීන් වන බව .   මෙය ඇත්තක්ද ?   නිලධාරීන්ට ඉහළින්